15450. කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්

1 කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුවපත් වෙයි සැණෙන්
දැන් පව්කරුනේ ඇදහිල්ලෙන් බලන්
නුඹ සන්දා මළ එතුමන්

දැන් මේ දැන් බලන්!
කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුවපත් වෙයි සැණෙන්

2 ඇයි අනේ එතුමා එලෙස දුක් වින්දේ
නුඹේ පව් උදෙසා නොවේ නම්
ඇයි ඒ ඇළයෙන් ලේ ගඟක් ගැලුවේ
නුඹට ඉන් පලක් නැති නම්?

3 මෙ නුඹේ කඳුළුත් අයදීමත් නොවේ
පිහිටක් ගෙන දෙන්නේ සොඳ
හිමිගේ අනගි ලේ නිසාමය ඒ
ඇයි නොගන්නේ සරණ අද

4 එ නිසා සැක සිත් දුරලා දැන් වරෙන්
ළත වෙවී අහෝ නොසිටින්!
කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
බැලුවොත් සුචපන් වෙයි සැණෙන්

Text Information
First Line: කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
Title: කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්
English Title: There is life for a look at the Crucified One
Author: Amelia M. Hull (1860)
Translator: C. W. de Silva
Refrain First Line: දැන් මේ දැන් බලන්!
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [කුරුසේ මැරුණ සමිඳුන් දෙස දැන්]
Composer: Edward G. Taylor
Key: G Major or modal
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us