15459. ජීවිතේ රැළ ගසනා කලට

1 ජීවිතේ රැළ ගසනා කලට
බාදා එන කල සිත කයට
ගැණපන් ලත් ආසිරි එකින් එක
පුදුමයක් වෙයි නුඹට නිසැක

ආසිරි එකෙක ගැණපන්
මේ තාක් හිමි කළ දේ සිතන්
ගණන් කරන් එකෙක බැගින්
පුදුමයක් වෙයි නුඹේ සිතට ඉන්

2 කරදරෙන් පොඩිවී ඉන්නෙහිද?
කුරුසේ බර වැඩි මෙන් දැනේද?
සිහිකරන් ලත් ආසිරි එක්එක
දුරුවී යයි අඳුරත් සැම සැක

3 දුටුවාම සම්පත් හා ගම්බිම් අනුන්
සිහිකරන් යේසු හිමි කී වදන්
මිලකළ නොහැක් සැප සෙත් නොමින්
පොරොන්දුවුණා නොවේද දෙන මෙන්?

4 පීඩා හා සටන් කොතෙක් ආවත් ඉතින්
බය නොවන් සවි සිතින්ම සිටින්
ඕනෑ උපකාර සැනසුම් දෙමින්
දෙවි තුම නුඹ රකියි නිතියෙන්

Text Information
First Line: ජීවිතේ රැළ ගසනා කලට
Title: ජීවිතේ රැළ ගසනා කලට
English Title: When upon life's billows you are tempest tossed
Author: Johnson Oatman, Jr.
Translator: D. G. E. Piyasena
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [ජීවිතේ රැළ ගසනා කලට]
Composer: Edwin Othello Excell
Key: E♭ Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us