15470. මට විවර ගල

1 මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ

2 මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ

3 අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා

4 මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ

Text Information
First Line: මට විවර ගල
Title: මට විවර ගල
English Title: Rock of ages, cleft for me
Author: Augustus M. Toplady
Translator: John Simon de Silva
Meter: 77.77.77
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: REDHEAD
Composer: Richard Redhead
Meter: 77.77.77
Key: E♭ Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us